අප ජීවත් වන මේ සුන්දර ලෝකය ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් සුරක්ෂිත කර තැබීම අප සැමගේම යුතුකමකි. එහෙත්, නවීන ලෝකයේ කාර්මීකරණය සහ මිනිසාගේ විවිධ අවශ්‍යතාවයන් හමුවේ දිනෙන් දින සිදුවන පාරිසරික විනාශය සුළුපටු නොවේ. ගස් කැපීම, වනාන්තර විනාශය සහ ගෝලීය උණුසුම ඉහළ යාම අද වන විට සමස්ත ලෝකයම මුහුණ දෙන ප්‍රබලතම අර්බුදයක් බවට පත්ව ඇත.
Coco Burnz යනු හුදෙක් තවත් එක් ව්‍යාපාරයක් පමණක් නොවන්නේ එබැවිනි. එය, මිනිසාගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාලන අතරම, පරිසරය සුරැකීම වෙනුවෙන් ගත් නිර්භීත තීරණයක සහ හරිත දැක්මක සැබෑ ප්‍රතිඵලයකි.
ඕනෑම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ වන්නේ සමාජයේ පවතින ගැටලුවකට සාර්ථක විසඳුමක් ලබා දීමෙනි. බාබකියු (BBQ) සඳහා මෙන්ම විවිධ කර්මාන්ත සහ ගෘහාශ්‍රිත අවශ්‍යතා සඳහා අඟුරු භාවිතය ලොව පුරා ඉහළ මට්ටමක පවතී. නමුත් අප දුටු කණගාටුදායකම තත්ත්වය වූයේ, වෙළඳපොළේ ඇති බහුතරයක් දර අඟුරු (Wood Charcoal) නිෂ්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් ගස් කපා විනාශ කිරීමයි.
දර අඟුරු මිලෙන් අඩු විය හැකිය. නමුත් එම ලාභය පිටුපස ඇත්තේ වටිනා ගස් වැල් අහිමි වීම සහ මිල කළ නොහැකි පාරිසරික විනාශයකි. මෙලෙස මිනිසාගේ බලශක්ති සහ දෛනික අවශ්‍යතා සඳහා සොබාදහම බිලි දෙන ආකාරය දුටු අපට, මීට වඩා තිරසාර (Sustainable), පරිසර හිතකාමී විකල්පයක් ලොවට හඳුන්වා දීමේ දැඩි අවශ්‍යතාවයක් මතු විය.
අපේ රටේ සංස්කෘතිය තුළ පොල් ගස හඳුන්වන්නේ 'කප්රුක' ලෙසිනි. එයින් අදහස් වන්නේ පොල් ගසේ අහක දැමීමට කිසිවක් නොමැති බවයි. නමුත් ප්‍රායෝගිකව ගත් කල, දෛනිකව නිවෙස් වලින් සහ කර්මාන්තශාලා වලින් ඉවතලන පොල්කටු ප්‍රමාණය අතිවිශාලය.
එක් පැත්තකින් ගස් කපා දර අඟුරු සාදමින් පරිසරය විනාශ කරයි; අනෙක් පැත්තෙන් වටිනා පොල්කටු නිකරුණේ ඉවත දමයි. Coco Burnz හි මූලික අදහස පැන නැගුණේ මෙන්න මේ කාරණා දෙක එකට යා කිරීමෙනි. කිසිදු ගසක් කපා නොදමා, පරිසරයට කිසිදු හානියක් නොකර, ඉවතලන පොල්කටු භාවිතයෙන් ඉහළම ප්‍රමිතියේ අඟුරු කැට (Charcoal Briquettes), බාබකියු අඟුරු සහ පොල් ගස ආශ්‍රිත වෙනත් නිෂ්පාදන රැසක් වෙළඳපොළට හඳුන්වා දීමට අප තීරණය කළේ එබැවිනි.
- 100% ගස් කැපීමෙන් තොරයි (Zero Deforestation): අපගේ නිෂ්පාදන සඳහා කිසිදු ගසක් කපා දමන්නේ නැත.
- 100% පරිසර හිතකාමී බව: රසායනික ද්‍රව්‍ය වලින් තොර, ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් ඉහළම තාක්ෂණයක් යටතේ අපගේ නිෂ්පාදන සිදු කෙරේ.
- ඉහළම ප්‍රමිතියේ අඟුරු නිෂ්පාදන: සාමාන්‍ය දර අඟුරු වලට වඩා අපගේ පොල්කටු අඟුරු කැට වැඩි වේලාවක් දැවෙන අතර, දුම සහ අළු පිටවීම අවම වේ.
මෙම ගමන කිසිසේත්ම පහසු එකක් වූයේ නැත. අප මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ, වෙළඳපොළේ අඩු මිලට විකිණීමට ඇති දර අඟුරු සමඟ තරඟ කිරීමයි. ලාභය පමණක් අරමුණු කරගත් වෙළඳපොළක් තුළ, පරිසරයේ වටිනාකම ඔප්පු කිරීම පහසු කාර්යයක් නොවේ.නමුත් අප පසුබට වූයේ නැත. දිවයින පුරා විසිරී ඇති ඉවතලන පොල්කටු ක්‍රමානුකූලව එක්රැස් කිරීමේ ජාලයක් අප විසින් ගොඩනැගුවෙමු. එමගින් ඉවතලන දෙයකට ආර්ථික වටිනාකමක් ලබා දීමටත්, බොහෝ දෙනෙකුට වක්‍ර රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් අපට හැකි විය.
අපගේ ගමනාන්තය මෙතැනින් නිමාවන්නේ නැත. ගෑස් භාවිතය සහ ගස් කැපීම වැනි පරිසරය විනාශ කරන ක්‍රමවේද වලින් ලෝකය මුදාගෙන, 100% ක් ඉවතලන ද්‍රව්‍ය වලින් නිපදවන පරිසර හිතකාමී විකල්ප වෙත මිනිසුන් යොමු කිරීම අපගේ ප්‍රධානතම අනාගත බලාපොරොත්තුවයි.ඔබ Coco Burnz නිෂ්පාදනයක් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම, ඔබ හුදෙක් භාණ්ඩයක් මිලදී ගන්නවා පමණක් නොවේ; ඔබ එක් ගසක ජීවය බේරා ගැනීමට දායක වේ.
Coco Burnz - සොබාදහමට ආදරයෙන්!